Sunday, February 19, 2012

හිංගලෙන් දාන පළමු වෙනි මෙව්වා එක

මේ බ්ලොග් එක මුලින්ම මම ලියන්න බලාපොරොත්තුවෙන් හිටියේ අපේ මවු බාසාවෙන්( කඩ්ඩෙන්) විතරයි. ඒ උනත් ඉතින් කොච්චර කලත් අයින් කොරන්න බැරි මොකද්ද මෙව්වා එකක් හින්ද සිංහලෙනුත් දාන එක හොඳයි කියල මට හිතෙන්න පටන් ගත්තේ ලියන්න පටන් අරන් ටික වෙලාවක් ගියහම. ඔන්න ඉතින් හා හා පුරා කියල මෙන්න ලියනවා පලවෙනි සිංහල ලිපිය.

මේ බ්ලොග් ඒකෙන් අම්බානෙක ටෙක්නිකල් එව්වා වත් , අම්බානෙක පොලිටිකල් එව්වා වත්, අම්බානෙක ජෝක් කෑලිවත් දාන්න මට බැරි වේවි. සරලවම මගේ නොහැකියාව නිසා තමයි ආයිබෝං... හැබැයි ඉතින් පොඩ්ඩක් මනුස්පයෙක්ට කියවල හිතන්න දෙයක්, එදිනෙදා ජිවිතයට වැදගත් වෙන කොම්පුටරේ බටන් දෙකක් තුනක් ඔබාගන්න, එක එක මිනිස්සු එක්ක ඉන්නකොට මරාගන්නේ නැතිව, ඇරගන්නේ නැතිව ආතල් එකේ ඉන්න, නිකන් ඔහේ ලියන්නන් වාලේ වල්පල් නෙමෙයි, පොඩි ආතල් එකක් සහිත ටිකක් විතර වැඩකට ඇති යමක් අරන් යන්න පුළුවන් විදිහේ සරල බ්ලොග් එකක් කරගන්න තමයි මගේ උවමනාව.

අනේ අපේ අයියල තරහ වෙන්න කාරී නැතුවා, හැබැයි සිංහලෙන් නං මහා ගොඩක් පොස්ට් ලියවෙන්නේ නැති වේවි. මොකද කියනවා නං මගේ යාලුවෝ සමහරක් ඉන්නවා සිංහල හොඳට කතා කලාට එච්චර හොඳට කියවන්න තේරෙන්නේ නැති උදවිය( දෙමල උදවිය තමයි බොහොමයක්...). එයාලට අසාධාරණයක් නොවෙන්න, ඉංගිලිසි වලින් මම ගොඩක් ඒවා ලියන්නේ. පුළු පුළුවන් හැටියට පරිවර්තන සපයන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.  

එහෙනං ඉතින් කට්ටිය මේක කියවපු එකේ, දකුණු අත පැත්තේ තියෙන 'ෆොලෝ' බටන් එක ඔබල සයින් ඉන් හරි ලොගින් හරි මොකින් හරි වෙමුකෝ... :) 

ප.ලි.: යාලත්ත කියන්නේ 'සින්ක්' එක නෙමෙයි බව දන්නවා... කුස්සි බක්කිය කියන නමට වඩා කුස්සි යාලත්ත ලස්සනයි නේ? :)

No comments:

Post a Comment